කුඹුක්කනදී බස් රථය ගංවතුරට දැමූ රියදුරුගේ හා කොන්දොස්තරගේ සේවය මසකට අත්හිටුවයි
පසුගිය දිනවලදී දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වයෙන් මොනරාගල දිස්ත්රික්කයට දින කිහිපයක් තිස්සේ නොකඩවා ඇදහැලුණු වර්ෂාවෙන් මොනරාගල වැල්ලවාය මාර්ගය කුඹුක්කන ප්රදේශයෙන් නොවැම්බර් 27 වෙනිදා උදෑසන ජලයෙන් යටවී තිබිණි.
මගී ජීවිත අනතුරේ හෙළමින් මොනරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය කුඹුක්කන ප්රදේශයේදී ගං වතුර හරහා ගමන් කරවීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු සහ සේවක කණ්ඩායම් ගමනාගමන කොමිෂන් සභාව වෙත කැඳවා තිබූ අතර ඔවුන් කර තිබූ වරද සම්බන්ධ බස් රථයේ ගමන් වාර සති දෙකක කාලයකට අත්හිටුවා කොන්දොස්තර සහ රියදුරු මහත්වරුන්ගේ සේවයද මාසයක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
මෙම බස් රථය ජලයෙන් යටවීම නිසා මගීන්ගේ ජීවිත වලට කිසිදු හානියක් සිදු නොවී තිබූ අතර මගීන්ගේ විරෝධය නොතකා බස් රථ රියදුරු විසින් බස් රථය ගංවතුර හරහා ධාවනය කර තිබිණි. පසුව ප්රදේශවාසීන් සහ පොලීසිය මහත් පරිශ්රමයක් යොදා බස් රථය තල්ලු කොට ජලයෙන් ගොඩට ගන්නා ලදි.මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

