ගුරු විදුහල්පතිවරුන් වැටුප් ගැටලුවට අදාළව මේ වන විට අකුරට වැඩ කිරීමේ ක්රියාදාමයක නිරත වේ.
තම විසදුම් ලබා නොදුනහොත් ඕනෑම තත්ත්වයක් යටතේ වුවද උද්ඝෝෂණය කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පවසයි.
මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසදුම් ඉල්ලා ශ්රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය අභියස අඛණ්ඩ සත්යග්රහයක අද උදෑසන සිට නිරත වුණා.
කෙසේවෙතත් පස්වරුවේ එම සත්යග්රහය ඔවුන් නවත්වනු ලැබුවා.