මෙරට විදුලි අර්බුදයත් සමග විදුලි බිල සියයට පනහකින් ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් වී තිබෙන බවත් ඒකක 60 අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල ඉහළ දැමීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ පවතින විදුලි අර්බුදය සහ බලශක්ති අර්බුදය පිළිබඳ අද (10දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව සිදු කරනුයේ ඉන්ධන නොමැතිවීමෙන් මිස කුමන්ත්‍රණයක් හේතුවෙන් නොවන බවත් කුමන්ත්‍රණය කුමක්ද යන්න රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් බලාගත හැකි බවත් සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා,
අද මේ පවතින අර්බුදය ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කියනවා. කුමන්ත්රන ණය ගැන කියනවා. කඩාකප්පල්කාරී වැඩ කියනවා. මෙහි ඇති ගැඹුරු අර්බුදය වටහා ගන්නේ නැතුව තමයි මේ කතා කරන්නේ. ඊයේ රොයිටර් පුවත් සේවය වාර්ථා කළා, ශ්‍රී ලංකාවට පසුගිය මාර්තු මාසයේ 04 වැනිදා ඉන්දියාවට ගෙවීමට ඩොලර් මිලිය 500ක් තිබුණා. ඒක ගෙවන්න තිබුණේ ජනවාරි 04 වැනිදා. ඒක මාර්තු හතරට කල් දැම්මා. ඒ අනුව මාර්තු 04 වන විට තවත් මුදල් එකතු වෙලා ඒක ඩොලර් 900ක් වුණා. ඒ ඩොලර් මිලියන 900 ගෙවන්න මහ බැංකුවට හැකියාවක් තිබුණේ නෑ. ඒ ඩොලර් මිලියන 900 ගෙව්වා නම් ශ්‍රී ලංකාව නිශ්චිත වශයෙන්ම මාර්තු 04 වැනිදා බංකොලොත් වෙනවා. ඒකට ඉන්දියාව උදව් කරලා තවත් මාස 02න් මේක කල්දාලා දුන්නා. ඒ කියන්නේ බංකොලොත් භාවය ඇරියස් කරලා තිබෙනවා. ඒකයි රටේ ඇත්ත අර්බුදය. කුමන්ත්‍රණය ඒකයි. ඒ නිසා කුමන්ත්‍රණය ගැන බලාගන්න ඕනි නම් රාජපක්ෂ පවුලට කණ්නාඩිය ඉස්සරහට ගියාම කුමන්ත්‍රණය මොකක්ද කියලා තේරෙයි.
ඒ වගේම මේ රීලෝඩ් ආර්ථිකය කරගෙන යන අතරේ අද ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 6,000යි. දිනක භාවිතාව ප්‍රවාහනයට පමණක් මෙට්‍රික් ටොන් 5,500යි. ලංකා විදුලිබල මණ්ඩලයටත් ඩීසල් වලින් දුවනවා නම් තව 4,000ක් ඕනී. මේවගේ තත්ත්වයක රට තිබෙන්නේ. ඒ වගේම දැන් ඩීසල් නැවක් ඇවිත් තිබෙනවා. මේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,000 ඇත්ත ගාන ඩොලර් මිලියන 35යි. මේකට අද ගෙවන්න වෙලා තිබෙනවා ඩොලර් මිලියන 52ක්. වෙන අර්ථයකින් කිව්වොත් සෑම ඩීසල් ලීටරයකටම මේ ආණ්ඩුවේ මූල්‍ය කලමනාකරණයේ වැරදි නිසා තවත් රැපියල් 60ට වැඩිය ගෙවන්න වෙනවා. සෙල්ලම මේ විදියට ගෙනියන්න බැහැ.
ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්වය මොකක්ද? විදුලිය කප්පාදු කරන්නේ ඉන්ධන නැති නිසා. එහෙම නැතිව කුමන්ත්‍රණ නිසා නෙවෙයි. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන බලාගාරය පුත්තලම ගල්අගුරැ බලාගාරය. මේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කරනවා නම් දවසකට ගල් අගුරැ මෙට්‍රික් ටොන් 7,500 -8,000ක් ඕනි. අද නොරොච්චෝලේ තිබෙන සංචිත ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ ජූනි මාසය දක්වා මේ බලාගාරය ගෙනියන්න පමණයි. නමුත් අපි දන්නවා වාරකන් කාලය නිසා ඔක්තෝම්බර් වෙනකන් ගල් අගුරැ ගොඩබාන්න බෑ. එහෙමනම් ගල් අඟුරැ වහාම ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් ගල් අඟුරැ ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය දැන් ආණ්ඩුවට ඉෂ්ඨ කර ගන්න ඩොලර් නැහැ.
විදුලිය සපයන්නේ නැති අවස්ථා වල විදුලි බල මණ්ඩලයට ඉතුරැ වෙන මුදල වගේ දස ගුණයක් රටේ ආර්ථිකයට පාඩු වෙනවා. ඒක තමයි විදුලි බල කප්පාදුවේ ඉතිහාසයේ තිබෙන ගණිත න්‍යාය. දැන් යෝජනා කරන්න යනවා 50෴ට වඩා වැඩි මුදලකින් විදුලිබල ගාස්තු වැඩි කරන්න. ඒ කියන්නේ රැපියල් 16.74ට තිබෙන සාමාන්‍ය මිල වැඩි කරන්න. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් ඒකක 60ට වඩා අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අහිංසක ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමේ අයිතියක් ඔබට නෑ. ඒ වගේම මහ බැංකුව යෝජනා කරනවා තෙල් මිල ඉහළ දාන්න.
යනුවෙන් සඳහන් කළේය.