බාල ඖෂධ ගෙන්වා ඇතැයි කියමින් සමහරුන් කරන ප්‍රකාශ සහ පසුගිය දිනවලදී සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවීම් ආශ්‍රිතව සොයා බැලීමට ඉහලම සුදුසුකම් සහිත විශේෂඥයින්ගෙන් සමන්විත සත් පුද්ගල කමිටුවක් පත් කල බව සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.
එසේම නිදහස් සෞඛ්‍ය සේවාව ගැන විශ්වාසය බිඳ නොගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා මහජනතාවගෙන් කල ඉල්ලීම තමන් අගය කරන බවත් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මෙම සත් පුද්ගල කමිටුවේ සාමාජිකයින් අතරින් සමහරෙකුට එම කමිටුවට එක් නොවන ලෙස බලපෑම් එල්ල වී තිබෙන බවද ඇමතිවරයා අනාවරණ කරයි.
කෙසේ වෙතත් මෙම කමිටු සාමාජිකයින් ඉතා නිවැරදි තීන්දුවක් ලබා දෙනු ඇතැයි තම විශ්වාසය බවද ඇමතිවරයා කියයි. මෙම කමිටුව විසින් සිය වාර්තාව ලබා දෙන දිනය සම්බන්ධයෙන් අද දිනයේදී ප්‍රකාශ කරන බව රඹුක්වැල්ල මහතා පැවැසීය.
බාල ඖෂධ ගෙන්වා ඇතැයි කියමින් නිදහස් සෞඛ්‍ය බාල්දු කරන සමහරුන් සංවිධානාත්මකව මේ ක්‍රියාත්මක කරන්නේ කුමන්ත්‍රණයක්දැයි අනාවරණය කර ගැනීමටද ඉදිරියේදී ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා කියයි.සංවාදය තවමත් සජීවීව විකාශය වෙයි.