කුප්පි ලාම්පුව මාස හයක බිළිඳාට මරු ගෙනෙයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්රදේශයේදී කුප්පි ලාම්පුවක් පෙරලී ඇති වූ ගිනිගැනීමකදී මාස 6 ක් වයසැති බිළිඳෙකු පිලිස්සී බරපතල තත්වයේ සිටියදී ඊයේ (01) දින මිය ගොස් ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
ගෙවී ගිය ජනවාරි මස 22 වනදා රාත්රියේ තේරාවිල් ප්රදේශයේ පිහිටි අදාළ නිවසේ බිළිඳා නිදා සිටියදී කුප්පි ලාම්පුව පෙරලීමෙන් ඇති වූ ගිනිගැනීමකදී බිළිඳාගේ සිරුර පිලිස්සී බරපතල තත්වයෙන් ධර්මපුරම් මූලික රෝහලට රැගෙන යන ලදි.
අනතුරුව බිළිඳාට වැඩිදුර ප්රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට රැගෙන යාමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යාවා එහිදී ප්රතිකාර ලබාදෙමින් සිටියදී සිරුර බරපතල ලෙසින් පිලිස්සී තබීම හේතුවෙන් ඊයේ (01) දින මිය ගොස් ඇත.
කුප්පි ලාම්පුව පෙරලෙන අවස්ථාවේදී බිළිඳාගේ මව ගෙමිදුලේ සිට ඇති බවටත් දෙමාපියන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන බවටද පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

