දෙමටගොඩ පොලිස් වසමේ කුප්පියාවත්ත ප්‍රදේශයේදී 2026.07.23 වන දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර 2026.08.05 දින ලේක්ඩ්‍රයිව් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 23 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
සැකකරු ඉහත අපරාධයේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කර ඇති බවට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඉහත සැකකරු සමඟ සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වූ තවත් පුද්ගලයෙකු එම නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද මෙම අපරාධයට සම්බන්ධවී සිට ඇතිද යන්න සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.