මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සලිදුගේ ප්‍රධාන ගෝලයෙකු වන මුතුනායක ගෙදර මහින්ද කුමාර නොහොත් ගලහ කුමාර නොහොත් රැවුල් කුමාර යන අය හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බව කියන පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් අද (26දා) වැටලීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පවසයි .
මෙම වැටලීමේදී ගලහ කුමාර නැමැත්තාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර වටලන ලද සුඛෝපභෝගී දෙමහල් නිවස තහනම් කිරීමට පියවර ගන්නා බව ද එම කොට්ඨාශය පවසයි.
2022 වසරේදී කුඩු ග්‍රෑම් විස්සක් සමග අත්අඩංගුවට ගත් ගලහ කුමාර නැමැත්තා දැනට බන්ධනාගාර ගතව සිටිමින් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතව සිටින අතර ඉන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් 2,23,00000 මුදලක් අත්අඩංගුවට ගත් කාන්තාවගේ ගිණුමට බැර කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පැවසේ .
මෙම ගලහ කුමාර නමැත්තා කුඩු සළිදු නැමැත්තාගේ හා ශිරාන් භාෂික් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන බවත් ඔවුන්ට අයත් හෙරොයින් මහාපරිමාණයෙන් ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.
දිවයිනේ ප්‍රසිද්ධ ගයකයෙකුගේ රියදුරෙකු ඊට දින කිහිපයකට පෙර හෙරොයින් ග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව ගලහ කුමාර නැමැත්තාගේ තොරතුරු අනාවරණය වී තිබුණි .
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් සිදුකළ විමර්ශනයේදී ගලහ කුමාර විසින් පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ පදිංචි ඔහුගේ බිරිඳගේ ගිනුමකට රුපියල් 2,23,00000 මුදලක් බැර කර ඇති බවත් ඇය පදිංචි සුඛෝපභෝගී දෙමහල් නිවස නීති විරෝධීව උපයා ගත් මුදලින් ඉදිකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පවසන පොලිසිය ඒ අනුව මෙම වැටලීම සිදු කර තිබුණි
එහිදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ ගලහ කුමාර නැමැත්තා විසින් ඔහුගේ තවත් බිරිඳකගේ ගිණුමකට රුපියල් ලක්ෂ 40 ක මුදලක් බැර කර ඇති බවයි .
ඒ අනුව එම කාන්තාව සොයා තවත් විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලීසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ හා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරරත්න මහතාගේ මෙහෙයවීමෙන් පො.ප උදයන්ග , පො.ප චන්දන , උ.පො.ප මිලාන් , පො.සැ 35979 ප්‍රනාන්දු 61672 ගුණසේකර 77962 බණ්ඩාර , පො.කො 12976 බණ්ඩාර 26040 අධිකාරි කා.පො.කො 10602 නිමේෂා ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර