දෙහිවල කලුබෝවිල පාසල් මාවතේ දී හෙරෙයින් මත් කුඩු සහ මත් පෙති සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව ඔහු පදිංචි නිවසට යාබද ගරාජය තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 3 සොයා ගැනීමට හැකි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ගෑම් 6 මිලිගෑම් 115 ක්, මත්පෙති 147 ක් මෙන්ම,අංක 51599 දරන මේඩි ඉන් යු, එස්, ඒ ( ඇමරිකා එක්සත් ජනපදය) ලෙස සටහන් කර තිබූ ගිනි අවියක් හා දශම 38 වර්ගයේ ජීව උන්ඩ තුනක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. එල්. ආර්. මධුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (4 දා) සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අනාවරණය කල තොරතුරු ඔස්සේ සොයා ගත් ගිනි අවිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මියගිය පියාට අයත් ගිනි අවියක් බවට සැකකරු අනාවරණය කළ බවත්පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරුගේ පියා ද මත්ද්‍රව්‍ය ජාවාරම ජාවාරමේ යෙදුනු අයෙක් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගේ දෙඅත් වල බහු කොටසේ අම්මා සහ තාත්තා යනුවෙන් පච්ච කොටා ඇතැයිද පොලිසිය කියයි. සැකකරු මෙම ගිනි අවිය පාතාල ක්‍රියාකාරකම් සඳහා කුලියට ලබා දුන්නාද? එසේ නොමැති නම් සැකකරු පෞද්ගලිකව විවිධ අපරාධ සඳහා යොදා ගත්තාද ? යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.
සැකකරු රැඳවුම් නියෝග කාලය අවසන් වීමෙන් පසු එළඹෙන 9 වෙනි දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එල් ආර් මධුරංග මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
