ප්රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කුඩු රොෂාන්, ඔහුගේ සහෝදරයා හා තවත් දින හතරක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වරකාපොල පොලීසියට අවසර දුන්නේය.
වරකාපොලදී පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 27 දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින දෙකක රැදවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කෙරණි.
ඒ අනුව දින දෙකක නිම වීමෙන් පසුව සැකකරුවන් ඊයේ යළි අධිකරණයට ඉදිරිපත් කරමින් කුඩු රොෂාන්, ඔහුගේ සහෝදරයා ඇතුළු හතර දෙනෙකුගෙන් තවත් දින හතරක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ඉල්ලා සිටි අතර ඒ සඳහාද අධිකරණය අවසර දුන්නේය.
සැකකරුවන් 15ක් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉතිරි සැකකරුවන් 11 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප මත මුදා හරින්නැයිද ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කරන්නැයිද අධිකරණය දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් එම ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සැකකරුවන් යළිත් ජනවාරි 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියම කළේය. කාන්තාවන් 5ක් හා පිරිමි පුද්ගලයන් 6ක් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.