මත්ද්‍රව්‍ය ජලයත් සමග සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට මාර්ග දෙකක් පවතින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ අනුව ඔවුන්ට මත්ද්‍රව්‍ය ජාලයත් සමග ගනු දෙනු කිරීම සිදු කිරිම හෝ ඉන් ඉවත් වීම සිදු කළ හැකි බව ජනපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් කුඩු ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන කිසිවෙකුට රාජ්‍ය සේවයේ සිටිය නොහැකි බවද ඔහු පැවැසීය.
රටම එකට ජාතික වැඩසටහන උතුරු පළාත් වැඩසටහන අරඹමින් ඔහු මේ බව කීය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන ව්‍යවසනය පරාජයට පත් කළ යුතු බවත් එය කිසි සේත්ම අත් නොහරින බව ඔහු පැවැසීය. යුද්ධය අවසන් වීමෙන් පසුවක්රමානුකූලව උතුර මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.