මෙරට ජාතික ආර්ථිකයට කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික කොටස 50% ට වැඩි දායකත්වයක් ලබා දෙන බවත් මූල්‍ය ආයතන අතර මෙම පිරිස අවිධිමත් ක්‍රමවේද භාවිතා කරන ව්‍යාපාරික කණ්ඩායම් ලෙස පිළිගැනීම මග හරිමින් විධිමත් ක්‍රමවේද භාවිතා කරන පිරිසක් බවට පත් කිරීමේ අරමුණින් සමෘද්ධි අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන දිවයින පුරා ආරම්භ කරමින් පවතින බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
ඒ අනුව මේ වන විට මොණරාගල, මාතගේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල නව තාක්ෂණයෙන් යුත් ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන ආරම්භ කළ බවත් ඉදිරියෙදී නුවරඑලිය, කිලිනොච්චිය සහ අනුරාධපුරයේ මෙම ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සූදානම් බව ද රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.
බදුල්ල දිස්ත්‍රිකයේ නව ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය විවෘත කරමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 60 ට ආසන්න මුදලක් ආධාර ලෙස විවිධ සංවිධාන වලින් ලබා දී ඇත. ඒ අනුව යූරෝපා සංගමය විසින් බදුල්ල, මොණරාගල සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ ආරම්භ කළ ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන් අතර ඉදිරියෙදී ආරම්භ කිරීමට නියමිත නුවරඑළිය දිස්ත්‍රිකයේ ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයටද එම සංවිධානය මුල්‍ය දායකත්වය ලබා දී ඇත. තවද අනුරාධුපර දිස්ත්‍රිකයේ සහ කිලිනොච්ච්ය දිස්ත්‍රිකයේ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නෙදර්ලන්ත ආධාර යටතේ මූල්‍ය දායකත්වය ලබා දීමට නියමිතය. රජය විසින් මෙම වසරේ සෘජුවම ග්‍රාමීය සංවර්ධනය සදහා රුපියල් මිලියන 85000 ක් වෙන් කළ අතර එම මුදලින් 40% කට වැඩි ප්‍රමාණයක් ජීවන උපාය සංවර්ධන වැඩ සටහන් සඳහා පවුල් ඒකක වලට ආදායම් උත්පාදනය කිරීමට යොදවා ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා,
යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර මත ක්‍රිසලිස් ආයතනයේ මෙහෙයවීමෙන් අද දින බදුල්ල දිස්ත්‍රිකයේ ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය අපි විවෘත කළා. මේ තුළින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් විධිමත් ව්‍යාපාරිකයෙක් ලෙස කිහිපදිනකින් Online ක්‍රමයට ලියාපදිංචි විය හැකි අතර රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන සමග විධිමත් සම්බන්ධිකරණය ලබා ගැනීමට ද හැකියාව ලැබේනවා. මෙම ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය මගින් සේවාවන් රැසක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්යිපාරිකයන් හට ලැබෙනවා. ඒ අනුව ඔවුන්ට ව්‍යාපාර නාම ලියාපදංචිය - මාර්ග ගත (online) ක්‍රමය අනුව සිදුකිරීම, මූල්‍ය පහසුකම් සඳහා මග පෙන්වීම, පුහුණු පහසුකම්, Online Sales සහ අලෙවි ජාල සහය, තාක්ෂණය, පර්යේෂණ කටයුතු සඳහා අදාල සේවා සපයන ආයතන වන විශ්වවිද්‍යාල සමග කටයුතු කිරීම, ප්රමිතීන් ඉහල නැංවීම හා ප්‍රමිති සහතික ලබාගැනීමට මග පෙන්වීම, වගේම ව්‍යවසායකයින්ට මුහුණ දීමට සිදුවන නීතිමය ගැටළු පිලිබඳ උපදේශනය හා මගපෙන්වීම වැනි සේවාවන් ලැබෙනවා යැයි පැවැසීය.


