හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි.
මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බව පවසන සාගර තිලක මහතා මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙස පවසයි.
හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම වමනය හා පාචනය විදුරු මස අවපැහැ ගැනීම (සුදුමැලි බව) කෑම අරුචිය කම්මැලි බව මෙහි රෝග ලක්ෂණයක් වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයා ගෙන තිබේ.
මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය හා මාතලේ ප්‍රදේශ තුල මෙය බහුල ලෙස පැතිර ගොස් ඇති අතර ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් ප්‍රදේශ තුල සිටින බලු පැටව් අතරින් සියයට 80ක ්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුව ඇති බව දක්නට තිබෙන බව වෛද්‍යවරයා පවසයි.
මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසත් සාගර තිලක මහතා ඉල්ලා සිටියි.
ගම්පොළ -සුරංග දිල්හාන්