ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ඉවත් කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබූ වැලි කැණීම් බලපත්‍රය වහාම තාවකාලිකව අත්හිටුවන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ උපදෙස් දුන්නේය.මෙම ස්ථානයේ වැලි කැණීම නිසා සිදුවන පාරිසරික හානිය සම්බන්ධව මහජන විරෝධතා රැසක් එල්ල වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව ඊයේ දිනය තුළ ම එම කැණීම් බලපත්‍රය තාවකාලිකව අහෝසි කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇත.
වී. කේ. ගෘප් නැමැති ආයතනයකට දී තිබු විශේෂ අවසර පත්‍රය හා වැලි ගබඩා කිරීම සඳහා දී තිබු වෙළෙඳ බලපත්‍රය සම්බන්ධයෙන් එල්ල වී ඇති මහජන විරෝධතා මෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් ව ඇති කරුණු ද සැළකිල්ලට ගනිමින් මෙම බලපත්‍රය තාවකාලිකව අහෝසි කළ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් සජ්ජන සිල්වා මහතා පවසයි.