දඹුල්ල බකමූණ ප්රධාන මාර්ගයේ රිදිඇල්ල රක්ෂිත ප්රදේශයේ දී 26 දින අලුයම කුකුළන් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් ලොරි රථය පෙරළී ගොස් එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කොට ඇති අතර විශාල කුකුළන් පිරිසක් මියගොස් වන අලියා කැලෑවට පැන ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
දඹුල්ල දෙසින් බකමූණ දෙසට ධාවනය වෙමින් තිබූ කුකුළන් ප්රවාහනය කරමින් සිටි ලොරි රථය වේගයෙන් ගමන් කරද්දී එක වැරැම වන අලියෙකු මාර්ගය හරහා පැනයාම නිසාවෙන් මෙම අනතුර සිදුවූ බව ලොරි රථයේ ගමන් කරමින් සිටි සේවකයෙක් සඳහන් කළේය
වන අලියාගේ ගැටීමත් සමඟම රථය පෙරළී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය බවත් ඔහු සඳහන් කළේය. රථයේ පිටුපස සිටි කුකුලන් ස්ථානයේ විශාල පිරිසක් මියගොස් සිටින අයුරු දැක ගැනීමට හැකි විය . තවත් පණපිටින් සිටි කුකුළන් පාර පුරා වැටී තිබෙන අයුරුද දැකගැනීමට හැකි විය
වනජීවී නිලධාරීන් ස්ථානයේ පරීක්ෂාකොට බලා සඳහන් කළේ වන අලියාගේ මෙම ලොරි රථය ගැටීමක් සිදුවූයේ ද වන අලියාට තුවාල සිදුවී ඇත්ද යන්න මෙතෙක් නිසි ලෙස අනාවරණය කර ගැනීමට නොහැකි වී නැති බවය
කෙසේ වෙතත් වන අලියාට බියේ රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම රථය පෙරළී ගියේද එසේත් නොමැති නම් වන අලියාගේ ගැටී මෙම අනතුර සිදුවූයේ ද යන්න පරීක්ෂණය පවත්වන බව දඹුල්ල පොලිසිය සඳහන් කළේය
අනතුරින් සිදුවන අවස්ථාවේ දී ලොරි රථයේ කුකුළන් 1100කට අධික පිරිසක් රැගෙන ගිය බවත් පුද්ගලයන් තිදෙනෙකු මෙහි ගමන් කරමින් ඇතැයි පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණව පවත්වති.


