කුකුල් මස් කිලෝව රු 450යි - බිත්තරයක් 17යි
ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450ට අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කුකුල් මස් ආනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවේ දී කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය මෙම තීරණයට එළඹී ඇත.
ඒ අනුව සම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 450 – 460 දක්වා ද සම රහිත කුකුල් මස් කිලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් 570කට ද අලෙවි කිරීමට ඔවුන් සිය කැමැත්ත පළ කළේය.
මෙම මිල ගණන් ලබන ජනවාරි මස දක්වා වලංගු වනු ඇති බවත්, කුකුල් මස් හිඟයකින් තොරව ලබා දීමටත් ඔවුන් එකඟ විය.
මේ අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව රුපියල් 17ක තොග මිලට බිත්තරයක් අලෙවි කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද පැවති සාකච්ඡාවේ දී එකඟතාවය පළ කළේය.
ඒ අනුව ලබන අප්‍රේල් දක්වා හිඟයකින් තොරව බිත්තර සැපයීමට ද එකඟ වූ ඔවුන් බිත්තරයක සිල්ලර මිල රු. 19 දක්වා පහළ දැමීමට ද අලෙවිකරුවන් දැනුවත් කිරීමට ද සහයෝගය පළ කළේය.
බිත්තරයක වර්තමාන නිෂ්පාදන මිල රු.15.62ක් බවත්,ඒ අනුව රතු බිත්තරයක මිල රු.19.50කට ද, සුදු බිත්තරයක් රු.18.50 ක සිල්ලර මිලට අලෙවි වනු ඇතැයි එහි සභාපති සරත් රත්නායක මහතා අමාත්‍යවරයාට පැවසීය.
රු.17ක මිලට තොග වශයෙන් බිත්තර අලෙවි කිරීමට ද පොරොන්දු වූ ඔවුන් 037-2293300 ක්ෂණික දුරකථන අංකය බිත්තර අලෙවි ගැටළු විසදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙහිදී හඳුන්වා දුන්නේය.

popular news
-
kukul sabapathi Thursday, 24 October 2019 09:16 AM
අපේ මස් වලටත් සබාපති කෙනෙක් අපිව මරාගෙන කන්නත් ලොකු ලොකු වැඩ , ළමෝ ලපටි ඔම්ලට් , කකුල් පපුව වෙනම මිල කරලා කනවා නුඹලාට දේව සාපය ලැබෙනවමය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

