සියලු ණය හිමියන්ට සාධාරණව සලකන බවත් කිසිම ණය හිමියෙකුට වැඩ සැලකිල්ලක් නොදක්වන බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
අද (22දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“ අපේ ද්විපාර්ශ්වීය ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. අප මෙතෙක් අනුගමනය කළ ක්රමවේද අනුව විවෘත හා විනිවිද පෙනෙන අයුරින් ඔවුන් සමග සාකච්ඡා ඉදිරියට ගෙනියනවා.
ණය ආපසු ගෙවීම ගැන ඇතිකර ගන්නා කොන්දේසි ගැන අවසන් එකඟතාව ඇති කරන ගැනීමට අනුව සියලු ද්විපාර්ශ්වීය ණය හිමියන්ට ඒ ගැන දැන ගැනීමට හැකි වන පරිදි විවෘත ක්රමවේදයක් අනුගමනය කරනවා.
සියලු ණය හිමියන්ට සාධාරණ අයුරින් ප්රතිව්යුහ ගත කිරීම සිදුකිරීම අපගේ අරමුණයි. අපි කිසිඳු ණය හිමියෙකුට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඔවුන් සියලු දෙනාටම සමානව සලකනවා.
අප ඉදිරියටත් ඔවුන් සමග විවෘතව හා මිත්රශීලීව කටයුතු කරනවා. අපගේ ණය ගැති භාවයන් පිළිබඳ වාර්තාවන් නිරන්තරයෙන් ප්රකාශය කරනවා. රටේ ණය ගැන කිසිම තොරතුරක් වසන් කරන්නේ නෑ.”