මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල ක්‍රියාකාරකම් අතීතයේ සිටම සිදුවූවක් බවත් ඒ සඳහා දේශපාලනඥයින්, ඇතැම් පොලිස් නිලධාරීන් සහාය ලබා දී ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
අපරාධකරුන් විදෙස් ගතව සිටියත් ඔවුන්ට මේ වන විට එක් ස්ථානයක සිටීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් ඔහු පැවැසීය.
අද පෙරවරුවේ මහනුවරට පැමිණි මහානායක හිමිවරුන්ගේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
දේශපාලන බලපෑමක් නොමැති බවත් කිසිම අපරාධයක් වසන් කිරීමට තමන්ගෙන් ඉඩක් නොමැති බවත් ඔහු පැවැසීය.
වත්මන් දේශපාලන තත්ත්වය සමග පොලීසිය කටයුතු කළ නොහැකි නම් එතන විනය ප්‍රශ්නයක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
උසස්වීම් ලබාදීමට කඩිනම් කරන බවත් නිලධාරී හිඟය 30000කට ආසන්න සංඛ්‍යාවක් බවට පත්ව ඇති බවත් එයට පිළිතුරු ලෙස මේ වසරේ 5000ක් හා ලබන වසරේදී 10000ක් බඳවා ගන්නා බවත් ඔහු පැවැසීය.
