කිසිදු පොහොර හිඟයක් නෑ
රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආර්.තුෂාර වික්‍රමාරච්චි මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේ 20 සවස පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේද සඳහන් කළේය.
"මහ කන්නයට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයත් සමහර පොහොර වර්ග මහ කන්නයට එහා ගොස් යල කන්නයටත් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා.ගොවි ජනතාවට කියන්න කැමැතියි කිසිම පොහොර හිඟයක් නෑ. බය නැතිව වගා කටයුතු කරන්න. යූරියා පොහොර අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් 160,000 ක් විතර දැනට මෙට්‍රික් ටොන් 50,000 ක් බෙදල තියෙනවා. තවත් මෙට්‍රික් ටොන් 1,50,000 ක් ගබඩාවල තියෙනවා.
තවත් ම්රෙට්රික් ටොන් 1,70,000 ක් නැව් ගත කරල තියෙනවා. එම්ඕපී ගත්තොත් 40,000 ක් බිම් මට්ටමට ගිහින් තියෙනවා.මෙට්‍රික් ටොන් 62,000 ක් ගබඩාවල තියෙනවා. තව මෙට්‍රික් ටොන් 10,000 ක් නැව් ගත කරල තියෙනවා. ටීඑස්පී පොහොරවල තත්වයත් එහෙමයි මෙට්‍රික් ටොන් 22,000 ක් විතර අවශ්‍ය වෙයි. මේ වන විට 11,000 ක් නිකුත් කරල තියෙනවා. තවත් 20,000 ක් තියෙනවා 14,000 ක් නැව් ගත කරල තියෙනවා. පොහොරවල කිසිදු හිඟයක් නෑ හිඟයක් මවා පාන්න කවුරු හරි උත්සාහ කරනවනම් ඒක වැරදියි." යැයිද කීය.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

