ඉන්ධන බලපත්රයට අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන බ්රහස්පතින්දා (21දා) ආරම්භ කරන බවත් එතෙක් සිපෙට්කෝ පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති අද (18දා) පැවසීය.
බ්රහස්පතින්දා සිට කිව්.ආර්. කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1 සහ 2 වන වාහන හිමියන් පමණක් ලබන 21දා ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බව ද සභාපතිවරයා සඳහන් කළේය.