දර්ගා නගරයේ නිවසක මස් පිණිස කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02ක්වූ ඉබිබන් හත්දෙනෙකු, මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පිහි 4ක් සමඟ ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.
අවුරුදු 35, 40 වයස්වල පසුවූ සැකකරුවන්දර්ගා නගරය ,ප්රධාන වීදියේ නිවසක කිරි ඉබ්බන් ඝාතනයකර මින් සිටියදීම පොලිසිය එම නිවස වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
විවිධ ප්රදේශවල තැරැව්කරුවන් මගින් අල්ලාගෙන එනු ලබන කිරි ඉබ්බන් අඩු මුදලකට ලබා ගෙන ඝාතනයකර ඉල්ලුම්කරුවන්ට කිලෝවක් රුපියල් 3000 බැගින් අලවි කිරීම කලක සිට සිදුකර ඇති බව එම ස්ථානය වැටලූ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (8දා) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා