කිරි ආශ්රිත නිෂ්පාදන ආනයන වියදම දෙගුණ වෙයි
කිරි ආශ්රිත නිෂ්පාදන ආනයන කිරීම සඳහා මෙම වසරේ මුල් මාස පහ තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 161.8 ක මුදලක් වැයකොට ඇති බව ශ්රී ලංකා මහ බැංකුව විසින් ජූලි මස 10 වන දින නිකුත් ඇති වාර්තාවක සඳහන් වේ.
2024 වසරේ මෙම කාල සීමාව තුළ කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වැය කොට ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 86.0 කි.ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වනදා සිට මැයි මස 30 වැනිදා දක්වා මුල් මාස පහ තුළදී කිරි ආශ්රිත නිෂ්පාදන ආනයන කිරීම සඳහා 2024 වසරේ මුල් මාස පහට සාපේක්ෂව ඩොලර් මිලියන 75.8 ක මුදලක් වැඩිපුර වැයකොට තිබුණි
මෙම වසරේ මැයි මාසය තුළ පමණක් කිරි ආශ්රිත නිෂ්පාදන ආනයන කිරීම සඳහා ඩොලර් මිලියන 40.7 ක මුදලක් වැය කොට තිබුණි. කෙසේ වුවද 2024 වසරේ මැයි මාසය තුළ කිරි ආශ්රිත නිෂ්පාදනය කිරීම සඳහා වැය කොට ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ක් බව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවෙි සඳහන් වෙයි.
චන්දන සමරවික්රම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

