කිරිපිටි, තිරිඟු පිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.
ඒ එම භාණ්ඩ හතරේ පාලන මිල ඉවත්කිරීමට රජය ගත් තීරණයත් සමඟ එම භාණ්ඩ ‘නිෂ්චිත භාණ්ඩ’ ලෙස නම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය මීට නිකුත් කර තිබූ ගැසට් නිවේදන බලරහිත කරමිනි.
ඊයේ (8) රාත්‍රී මෙම ගැසට් පත්‍ර දෙක නිකුත් කර තිබේ.
කිරිපිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති පිළිබඳ ගැසට් පත්‍රය සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ නමින් ද, තිරිඟු පිළිබඳ ගැසට් පත්‍රය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ නමින් ද නිකුත් කර තිබේ.