පවතින ඩොලර් ගැටලුව විසඳා ගැනීමට නොහැකි වී තිබෙන නිසා විදේශ රටවලින් ගෙන්වන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි හිඟය තවදුරටත් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා කිරිපිටි ගෙන්වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවත්, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි හිඟයක් ඇති වී තිබුණද, ළදරුවන්ට ලබාදෙන කිරිපිටි හිඟයක් නොමැති බවත් එම සංගමයේ මධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසීය.
කිරිපිටි ගෙන්වන සමාගම් විසින් තමන් සතු ඩොලර් භාවිත කරමින් කිරිපිටි ගෙන්වීම සිදුකරන බවත්, එහෙත් එලෙස ගෙන්වීමට හැකියාව ලැබී තිබෙන්නේ, මාසික අවශ්‍යතාවෙන් 50%ක ප්‍රමාණයක් බවත් ඒ මහතා පවසා සිටියේය.
