ඉතා දුර්ලභ ගනයේ පුරා විද්‍යා වටිනාකමින් යුතු කිරිගරුඬ සමාධී බුද්ධ ප්‍රතිමාවක් කන්දකැටිය ගෝඩුන්න දික්කුඹුර ප්‍රදේශයේ නිවසකදී රුපියල් ලක්ෂ 80ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයන් තිදෙනකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
ගලඋඩ ගෝඩුන්න දික්කුඹුර උලුපෝරුනුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26, 41, 43 වයසේ පසුවෙන තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කීය .
අත්අඩංගුවට ගත් ඉතා දුර්ලභ ගනයේ මෙම කිරිගරුඬ සමාධී බුද්ධ ප්‍රතිමාව කිලෝ ග්‍රෑම් 14.5ක් බර අතර සෙන්ටිමීටර 40ක් උස බව පොලිසිය පැවසීය .
කන්දකැටිය පොලිසියේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මුස්ලිම් ව්‍යාපාරිකයන් ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙස්වලාගෙන ගොස් මෙම දුර්ලභ ගනයේ වටිනා කිරිගරුඬ සමාධී බුද්ධ පිළිමය රුපියල් ලක්ෂ 80ක මුදලකට මිළදී ගැනීමට කථා කර ගෙන ඇති බවත් පොලිසිය කියයි .
පසුව මෙසේ වෙස්වලාගෙන ගොස් ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා කේවල් කර අවසානයේ මෙම කිරිගරුඬ සමාධී බුද්ධ පිළිමය රුපියල් ලක්ෂ 70ක මුදලකට මිළදී ගැනීමට දෙපාර්ශවය අවසානයේ එකගතාවයට පැමිණි බවද පොලිසිය සදහන් කළේය .
ඒ අනුව මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනා මෙන් වෙස්වලාගෙන සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා වැටලීම සදහා ගෝඩුන්න දික්කුඹුර ප්‍රදේශයේ නිවසට ගොස් ඇති අතර ,එම නිවසේ සිටි පුද්ගලයන් මෙම නිළධාරින් දෙදෙනා දැඩි ලෙස පරික්ෂා කර බලා නිවස තුලට ගත් බවද පොලිසිය පැවසීය .
පසුව සැකකරුවන් තිදෙනා මෙම කිරිගරුඬ සමාධී බුද්ධ පිළිමය මුදලට විකිණීමට සූදානම් වීමත් සමඟ මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි උසස් පොලිස් නිලධාරීයකු පැවසූහ .
මොවුන් කිසියම් විහාරස්ථානයකින් මෙම පිළිමය සොරකම් කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ඇල්ල ප්‍රසාද් රුක්මල්
