උතුරු මැද පලාතට අයත් ගල්කිරියාගම කිරළව මහවැලි රක්ෂිතයේ විශාල කොටසක් යම්කිසි පිරිසක් යන්ත්‍ර සූත්‍ර දමා හෙළි පෙහෙළි කරමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම කණ්ඩායම් යන්ත්රසූත්ර යොදා ගෙන එහි තිබූ වටිනා ගස් කොළ ඩෝසර් කිරීම විනාශ කිරීම ඊයේ (24දා) දවස පුරා සිදු වූ බවද මෙම වනාන්තරය එළි පෙහෙළි කිරීම නිසා එම ප්‍රදේශයේ රැඳී සිටින වන අලින් සියයක 100 ක පමණ රංචුවකට වාසස්ථාන අහිමි වී ඔවුන් ගම් වැදීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
ඇතැම් රජයේ නිලධාරීන්ගේ ආශිර්වාදය මත කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි කණ්ඩායම්ක් මෙය බලහත්කාරයෙන් සිදු කරනන බව ද ජනතාව කියා සිටිති.
මෙම රජයේ රක්ෂිත ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම් පිළිබඳව සොයා බැලීමට අද (25දා) අප එම ස්ථානයට යන විට රක්ෂිතයේ තිබුණු වටිනා ගස් කොලන් රැසක් ඩෝසර් දමා විනාශ කොට එහි කුරුල්ලන්ගේ හඬ සහ මොණරු රැසක් සිටින අයුරු දැක ගැනීමට හැකි විය
ගල්කිරියාගම කිරලව මහවැලි රක්ෂිතය මීට පෙර කාබනික පොහොර ව්‍යාපෘතියකට බව පවසමින් මේ ආකාරයෙන්ම අත්පත් කර ගැනීමට හිටපු අමාත්‍යවරයෙකු උත්සාහ දැරූ බවත් පසුව ගම්මුන් ගේ විරෝධය මත මෙම උත්සාහය අසාර්ථක වූ බව ද රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ඉතා සූක්ෂම ලෙස මෙම කණ්ඩායම ගොවිතැන් කිරීමේ මුවාවෙන් රක්ෂක්ෂිතය හෙළි කිරීමේ කටයුතු සිදු කරන මෙන් සිටින බවද එම ජනතාව පෙන්වා දෙති
මෙම ස්ථානයට ගිය අවස්ථාවේදී කොළඹ ප්‍රදේශයේ කිහිපදෙනෙකු වාහනවලින් එම රක්ෂිතයට පැමිණෙන අයුරු දැක ගැනීමට හැකි විය .එම පිරිස් කියා සිටියේ මහවැලි අධිකාරිය මගින් තමන්ට මෙම රක්ෂිතයේ වගා වැඩසටහනක් සඳහා අවසර ලබාදී ඇති බව ය ඒ අනුව තමන් හෙළි පෙහෙළි කිරීම් කටයුතු සිදු කරන බව ද එම පැමිණි පිරිස් සඳහන් කළහ .
ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම රක්ෂිතය හෙළි පෙහෙළි කිරීම නිසා තම ප්‍රදේශයේ වන අලින්ට ජීවත් වීමට ඇති එකම වාස භූමිය අහිමි වී ඇති බව ය.
මෙම රක්ෂිතයේ වන අලින්ට අමතරව කුරුල්ලන් සහ විවිධ සතුන් ජීවත් වන බවද මිනිසුන් සහ එම වන සතුන් එක්ව මෙම ප්‍රදේශයේ ජීවත්වීම කාලයක පටන් සිදු කරගෙන එද්දී මහවැලි නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස මෙම වන ලැහැබ පිටස්තර පුද්ගලයන් සතු කර දීම බලවත් අසාධාරණ බව ගම්මුන් සහ මහා සංඝ රත්නය ද අවධාරණය කරති .
මෙම වන විනාශයට විරුද්ධව හෙට (26දා) ප්‍රදේශවාසින් එක්ව විරෝධතාවයක් සිදු කරන බව කිරලව විහාරාධිපති හිමියෝ පවසති .
ගම්මුන් මෙම වන විනාශය පිළිබඳව මහවැලි අධිකාරියේ මඩාටුගම කාර්යාලයෙන් විමසීමේ දී සඳහන් කොට ඇත්තේ ඉහළින් ලැබුණු නියෝගයක් මත කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකුට මහවැලියට අයත් මෙම රක්ෂිතය ලබාදී ඇති බව විහාරාධිපති හිමියෝ අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ කලාප භාර නේවාසික ව්‍යාපෘති කළමනාකරු අසංක ගුණතිලක මහතාගෙන් විමසීමේදී කියා සිටියේ විධිමත් බැහැර කිරීමේ ක්රමවේදයක්ය යටතේ මෙම රක්ෂිතය කෘෂිකර්ම, මහවැලි, ග්‍රාම සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතාවෙත ලබාදී ඇති බව ය.
ඉඩම් කොටස කෘෂිකාර්මික කටයුතු සඳහා මහවැලි අධිකාරියෙන් වෙන්කොට ඇති ප්‍රදේශයක් බව ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් මහවැලි අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු සියලුම පාර්ශව වල එකඟත්වය පරිදි මහවැලි අධිකාරියේ සහ රජයේ නීති රෙගුලාසි යටතේ වගා ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම බැහැර කිරීම් කටයුතු සිදුකර ඇති නිසා එම කණ්ඩායම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩම් හෙළි පෙහෙළි කිරීමේ කටයුතු සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

