කිඹුලෙකු ඇති කළ අයෙකු පොලිස් අත්අඩංගුවට
ගැට කිඹුල් පැටියෙකු සන්තකයේ තබාගනිමින් විදේශිකයින්ට පෙන්වා මුදල් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව අලූත්ගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම, ගම්මැද්ද ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
කළුවාමෝදර ගඟ ආසන්නයේ ගැට කිඹුල් පැටියෙකු විදේශිකයන්ට ප්රදර්ශනය කරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුළු නිලධාරීන් අගල් 17.5 ක් පමණ දිගැති, අවුරුදු එක හමාරක් පමණ වයසැති ගැට කිඹුල් පැටියා භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
වනසත්ව සහ තුරු ලතා ආඥා පනත යටතේ සංරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම් කර ඇති ගැට කිඹුලා සන්තකයේ තබාගැනීම සහ ප්රදර්ශනය කිරීම යටතේ සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
පානදුර - සුමිත් පොතුපිටිය
popular news
-
Chathuri Saturday, 18 February 2023 08:15 PM
මිනීමරු ගෝටා. මිනිමරු මාලුවෙක් ටැන්කියේ දාගෙන හිට්යෙ ඒවා දැක්කෙ නැත්ද. මුන්ට පේන්නෙම. පොඩි මිනිහගෙ වැරදි විතරයි. ගෝටා ට විරුද්දව ගියානම්. ටැන්කිය ඇතුලට යන්න වෙනනිසා වෙන්නඇති. කාලකන්නින්ට ගිය රට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

