කිතුල් රා සඳහාත් නීතිමය සහනයක් ලබාදෙන ලෙස ඌව පළාතේ කිතුල් කර්මාන්ත කරුවෝ ඉල්ලා සිටිති .
බදුල්ල දිස්ත්‍රික්යේ හාලිඇල, පස්සර, ඌවපරණගම , ලුනුගල , වියළුව,සොරණාතොට , හල්දුම්මුල්ල , යන ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයන්ට අයත් ගම්මාන රැසක කිතුල් ශාඛය මනාව වර්ධනය වෙයි .
ඌවේ කිතුල් වැවෙන ප්‍රදේශයන්හි බොහෝ ගම්බද ජනතාව දුරාතීතයේ සිට කිතුල් රා පානයට පුරුදුවී සිටිති .එය සෞඛ්‍යයටද හිතකර මත්පැන් බව ඔවුන්ගේ විශ්වාසයයි .
ආයුර්වේද මතය වන්නේ කිතුල් රාවල ශකර්රා පදාර්ථ බහුලව ඇති බැවින් අර්ශස්, රක්ත පිත්ත , වාතරත්ත .රෝගීන්ට පානයට සුදුසු බවයි .මළ බද්ධය දුරු කිරීම, ආහාර ජීර්ණයට උපකාරීවීම .බඩගිනි ඇතිකිරීම යනාදියද කිතුල් රාවලින් සිදුවන බව ආයුර්වේද වෛද්‍ය මතයයි .
එහෙත් කිතුල් රා මැදීම සදහා නීත්‍යානුකූල අවසරයක් නැතැයි පවසමින් පොලිසිය නිරන්තරයෙන්ම තමන් අත්අඩංගුවට ගන්නා බවට කිතුල් කර්මාන්ත කරුවෝ මැසිවිලි නගති. මෙය අසාධාරණ ලෙස සිදුකරන බවද ඔව්හු කියති.
අරක්කු මිලද බොහෝ ඉහල ගොස් ඇති අතර අරක්කු වලට වඩා කිතුල් රා සෞඛ්‍යයට හිතර බැවින් කිතුල් රා වලට නීතිමය අවසරය ලබාදෙන මෙන් මෙම ජනතාව රජයෙන් ඉල්ලා සිටිති .
යාපනයේ තල් රා මැදීමට බාධාවක් නැති බවත් තල් වලින් අරක්කු පවා නිපදවන බවත් ඔවුහු වැඩි දුරටත් පෙන්වාදෙති .
