කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
කිතුනුවන්ට විශේෂිත වූ මහ සිකුරාදා දින සහ පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානයන්හි පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව යොදා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම මස 29 -යෙදෙන මහ සිකුරාදා දින සහ 31 දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් මෙම විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.
ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව මෙම විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
අද (26) සහ හෙට (27) යන දෙදින තුළ පොලිස් ස්ථාන අධීක්ෂණය කරන දිස්ත්රික්භාර නිලධාරීන්ද තම දිස්ත්‍රික්කයට අයත් සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවාට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව පුද්ගලිකවම සොයා බලන ලෙසටත් පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත .
දේවස්ථාන භූමියේ ආරක්ෂාව, දේව මෙහෙයන් ආරම්භ කිරීමට ප්‍රථම එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරික්ෂාවකට ලක් කිරිම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයන් හා ගමන් මලු පරීක්ෂාවට ලක්කිරීම, මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට ඇතුළත් වන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

