මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ කනුක්කේනි ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙකු කොස් ගසෙන් වැටී ඊයේ (08දා) මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මිය ගිය අය විසින් කනුක්කේනි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ ගෙවත්තේ තිබූ කොස් ගසකට නැග කොස් ගොඩි කිහිපයක් බිමට කපා දැමීමෙන් පසුව පය ලිස්සා ගසෙන් වැටී මෙම මරණය සිදුව ඇති බවට අනාවරනය වී ඇත.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසා සිටියේ පවතින ආහර හිගය සහ අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහල යාම හේතුවෙන් මුලතිව්හි නැවත පදිංචි වූ වැසියන් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවටත් එවැනි එක් අයෙකු ආහාර හිගවීමෙන් ආහාරයට ගැනීම සඳහා මෙලෙස කොස් ගෙඩියක් කැඩීමට යාමේදී ගසෙන් වැටී අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇති බවටය.
මෙලෙස කොස් ගසෙන් වැටී මිය ගොස් ඇත්තේ 72 හැවිරිදි කනුක්කේනි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි තම්පාපිල්ලෙයි කනකරාසා නැමත්තෙකු බවට පරික්ෂණ සිදුකරන මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පවසයි.
