කෑගල්ල ප්රදේශයේ තරුණ පිරිස් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (7දා) කෑගල්ල නගරයේ පැවැත්විණි. මෙම උද්ඝෝෂණයට විශ්ව විද්යාල සිසුන් කෑගල්ල නගරයේ පාසල්වල සිසු සිසුවියන් 1000 ට අධික පිරිසක් එක්ව සිටි අයුරු දක්නට ලැබුණි.
කෑගල්ල නිදහස් මාවතෙන් ආරම්භ කරන ලද උද්ඝෝෂණය කෑගල්ල නගරය ඔස්සේ කෑගල්ල පොලිසිය ආසන්නයට ගොස් ආපසු හැරී නිදහස් මාවතෙන් අවසන් කෙරිණි.
කෑගල්ල චමින්ද ජයලත්


