මට්ටක්කුලිය - හැදල යාකරන කැළණි ගඟ හරහා ඉදිකර ඇති කදිරාන පාලමෙන් මව විසින් කැළණි ගඟට විසිකළ දරුවාගේ මෘත ශරීරය දින කිහිපයකට පසුව ඊයේ සවස හමුව තිබේ.
මෙම මෘත ශරීරය වෙන්නප්පුව වයික්කාල වෙරළට ගොඩ ගසා තිබුණි. දරුවා ගඟට විසි කරන අවස්ථාවේදී ඇද සිටි ටී ෂර්ටය, කලිසය හා සපත්තු ඒ ආකාරයෙන් සිරුරේ තිබුණ බව පොලීසිය පවසයි.
දරුවාගේ මිත්තනිය විසින් මෙම අවුරුදු 5ක දරුවාගේ සිරුර හඳුනාගෙන තිබේ.
මෘත ශරීරය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.