කැසිනෝ ව්‍යාපාර පනතේ නියමයන් සඳහා පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවැසීය. පාර්ලිමේන්තුවේ අද (28දා) අදහස් දක්වමින් මේ බව පැවැසීය.
"කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතේ නියමයන්ට අපි මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා දුන්නෙ නෑ. පළමුවෙන් පාරට කැසිනෝ බලපත්‍ර දෙන්න තමයි මේ පනත සංශෝධනය කරන්නේ. හැබැයි ලෝකයේ සාමාන්‍ය යෙන් කැසිනෝ බලපත්‍ර ලබාදෙන කොට කැසිනෝ නියාමන අධිකාරියක් තියෙනවා.
කැසිනෝ නියාමන අධිකාරියක් යටතේ තමයි කැසිනෝ නියාමනය වෙන්නේ. අපිට එතිකල් හෝ මොරල් ප්‍රශ්නයක් නෑ මේ සම්බන්ධයෙන් නමුත් මෙයින් සම්පූර්ණයෙන් බලය දෙන්නේ ඇමතිට. අපි දන්නවා රජයට කැසිනෝ ව්‍යාපාර දෙන්න හදිස්සියක් තියෙනනවා කියලා.
නමුත් අපි මුදල් අමාත්‍යාශයට දැනුම් දුන්නා අවම වශයෙන් කාල සටහනක් දෙන්න කියලා. කවදද නියාමන අධිකාරිය ගේන්නේ කියලා. අපි මේක නවත්තලා නෑ. නමුත් මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළ හා කාලසටහනක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා"
