කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16දා) රාත්රියේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් වීම ගුටි කෙළියක් දක්වා වර්ධනය විය.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කැස්බෑව පොලීසිය සඳහන් කරයි.
මෙම ගැටුමෙන් ඉන්ධන හලේ පොම්ප කරුවන්ට හිමිකරුවන්ට සහ ගැටුමට සම්බන්ධ පිරිස තුවාල සිදු වුවත් කිසිදු අයෙක් එම අවස්ථාවේ ඉදිරිපත් වූයේ නැත.
ඩීසල් ඉන්ධන ඉවර වී ඇති බවට ඉන්ධනහල් හිමිකරු කෑන් සහ භූමි අත දරාගෙන සිටි පිරිසට දැනුම් දීමත් සමඟම කෙමෙන් කෙමෙන් ඇතිවූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර ඇති වූ ගැටුමට පැමිණ සිටි පාරිභෝගිකයන් මෙන්ම ඉන්ධන හලේ සේවකයන් ද මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වී එකම ගාලගෝට්ටියක් විය.
එම අවස්ථාවේදී ඉන්ධන පිරහුම් හල ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමථ කිරීමට උත්සාහ කළහ.
ගැටුම නිම වීමත් සමඟම ඉන්ධන ලබා දෙමින් තිබූ ඩීසල් පොම්පය අසළ විදුලිය ද විසන්ධි වී එම ප්රදේශය අන්ධකාර විය.
ගැටුම හට ගැනීමත් සමගම ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පෝලිමේ රැඳී සිටී බොහෝ පිරිසක් සිය වාහන සහ අත දරා ගෙන සිටි බූලි රැගෙන එම ස්ථානයෙන් පිටත් විය.





