ආරක්ෂිත මුහුදු ජිවියෙකු වශයෙන් නම් කර ඇති පනා කැස්බෑවන් පස් දෙනෙකු මන්නාරම නගරයේ නිවසක සගවා තබා තිබිය දි ඊයේ (24දා) සොයා ගත හැකිවු බව මන්නාරම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.
හදිසියේ ලද තොරතුරක් මත කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් මන්නාරම නගර මධ්‍යයෙහි එළුත්තුර් ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් පරික්ෂණයක් සිදු කර ඇති බව පවසයි.
පොලිසිය පැමිණි බව දැන ගත් නිවසේ හිමිකරු පොලිසිය මග හැර නිවසේ පිටුපසින් පලා ගොස් තිබු අතර පසුව නිවසේ නාන කාමරය පරික්ෂා කළ අවස්ථාවේ දි එහි මෙම කැස්බෑවන් පස් දෙනා නිරුපද්‍රිතව සිටියදි සොයා ගත් බවත් මෙයින් එක් කැස්බෑවෙකුගේ බර කිලෝ 100 ක් පමණ වන බවත් කියයි.
මෙම කැස්බෑවුන් ධීවර ආඥා පණත අනුව ආරක්ෂිත සත්වයෙකු වශයෙන් නම් කර ඇති අතර එම සතුන් ඇල්ලීම මරා දැමීම ප්‍රමාණය කිරිම ළග තබා ගැනීම නිති විරෝධි කටයුත්තක් වන බවත් කියයි.මෙම සතුන් පස් දෙනා මන්නාරම මුහුදෙන් අල්ලා විකිණිම පිණිස සගවා තබා ඇති බවතට සැකකරන බව පැවසීය.
මෙම සතුන් පස් දෙනා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔවුන් යළි නිරුපද්‍රිතව මුහුදට මුදා හැරීමට අධිකරණය නියෝග කළ බවත් මෙම කැස්බෑවුන් ළග තබා ගෙන සිටි පුද්ගලයා අත් අඩංගුවට ගැනීම පිණිස පරික්ෂණ සිදු කරණ බවත් පවසයි.
හලාවත සුපුන් හංසන

