කැලණිය විශ්වවිද්‍යාලයේ උපදේශන ඩිප්ලෝමාව හැදෑරූවන්ට (04වැනි කණ්ඩායම) සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ.
මෙහි ප්‍රධාන දේශනය කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය ගයාන් ජයවර්ධන මහතා විසින් පවත්වන ලදී.
අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී.ඩී.ආර්. ද සිල්වා, පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මීට සහභාගී වූහ.


