ප්‍රධාන ස්ථාන කීපයක් අධි ආරක්ෂිත කලාප බවට ජනාධිපතිවරයා විසින් නම් කරන ලද්දේ මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා යැයි හිටපු අමාත්‍ය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහනුවරදී පැවසීය .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් විධායක සභාව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවති අවස්ථාවේදී එහි සිටි පාක්ෂිකයන් අමතා නාමල් රාජපක්ෂ මහතා ඒ බව අවධාරණය කළේය .
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙරට ජනතාවගේ සිතුම් පැතුම් සහ අදහස් වෙනුවෙන් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙනීසිටින බව කීවේය .
යම් අයුරකින් කැරලිකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් අත්පත් කර ගැනීමක් සිදුවුවහොත් මෙරට ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන් වැළලී යන බව කී ඒ මහතා ජාතික ආරක්ෂාව රැක ගැනීමේ වගකීමක් ජනාධිපතිවරයාට ඇතැයි ද කීවේය .
අද වන වනවිට බරපතළ ආර්ථික අර්බුදයකට මහජනයා මුහුණදී ඇති අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අවස්ථාවක මැතිවරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බව කී ඒ මහතා ප්‍රථමයෙන් කළ යුත්තේ රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම යැයි ද ප්‍රකාශ කළේය .
කැරළිකරුවන්ට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ පවා සහයෝගය ලබාදුන් බව අවධාරණය කළ ඒ මහතා කැරලිකරුවන් පාර්ලිමේන්තුව අත්පත් අත්පත් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එම පක්ෂවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ සිටි බවද පැවසීය .
රටේ ආණ්ඩු පත් විය යුත්තේ කැරලිවලින් නොව ප්රජාතන්ත්රවාදි ක්‍රමවේදය ඔස්සේ බවද යම් පක්ෂයක් කැරැල්ලකින් ආණ්ඩුබලය ගැනීමට උත්සාහ කරන්නේ නම් එය සාර්ථක නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය .
ෂේන් සෙනෙවිරත්න