කැබිනට් මණ්ඩලය ජනපති - අගමැති සාකච්ඡාවෙන් පසුවයි
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාතේ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම තමා මුලින් කටයුතු කළ නවාස හා ඉදිකිරිම් අමාත්‍යංශයේ තිබූ රුපියල් බිලියන ගණනක මුදලක් නැවත මහා භාණ්ඩාගරය විසින් ගෙන්වා ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
“අගමැතිතුමත්, ජනපතිතුමත් කථාකරලා සාකච්ඡාවෙන්, එකඟතාවෙන් නව කැබිනට් මණ්ඩලය පත්කරාවි. නිදහස් පක්ෂයෙන් එන කණ්ඩායම ගැන සාකච්ඡාවක් වුණේ නෑ. හොඳ හිත හැමදාම තිබෙනවා. කුමන දේශපාලනයක් කළත් කුමන මතිමතාන්තර දැරුවත් මනුස්සකම තිබෙනවා. එකක්වත් මනුස්සකමට යට වෙන්නේ නෑ.
වෛරයෙන් වෛරය නොසන්සිදේ, පුද්ගලකි කරුණු පසෙක ලා ලක්ෂ 220ක් වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් , ජීවිතවීමේ නිදහස, නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ජනතාව ජීවත්වන සුබ සාධනය හදන්න ඕන.
නිවාස අමාත්‍යාංශය විනාස වෙලා. නිවාස ආමාත්‍යාංශයේ තිබුණ අරමුදල් කොහේ ගෙනිහින්ද දන්නේ නෑ. මට ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙ මෙහෙ ගිහිල්ලු. මහා භාණ්ඩාගායට යවලලු. 2018 බිලියන 10.6ක් රටේ ජනතාවට ගෙවල් එදන්න වෙන් කළා. මට දැනගන්න තිබුන හැටිය අමාත්‍යංශයේ තිබුණ බිලියන ගණන්ක් ආපසු ගෙන්වගෙන තිබෙනවා.”

popular news
-
Champa Sunday, 16 December 2018 05:27 PM
දැන් මේ අවුරුද්ද අන්තිම. 2018 වසර සඳහා මහා භාණ්ඩාගාරයෙන් නිවාස අමාත්‍යංශයට වෙන් කරපු මුදල පාවිච්චි කරලා නැත්නම් ඒ මුදල් නැවත භාණ්ඩාගාරයට යන්න ඕනේ තමයි. පොල් ගෑවද මාස 10ක් තිස්සේ තමන්ගේ අමාත්‍යංශයට වෙන් කරපු මුදල් පාවිච්චි කරන් නැතුව? ඒ මුදල් ඔක්කොම පාවිච්චි කරලා නැත්නම් ඒකේ තේරුම එච්චර මුදලක් අවශ්‍ය නැහැ කියන එක. පාවිච්චි කොකළ මුදල් භාණ්ඩාගාරය ආපහු අරන වෙන වැඩක් කරන ඇමතිවරයෙකුට දෙන්න පුළුවන්. කැබිනෙට්ටුව ගැන කිව්වොත් ඇමතිවරු පත් කිරීමේ බලය තියෙනේ ජනාධිපතිට. නැති එකම බලය තමයි පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය සහ අගමති ඉවත් කිරීමේ බලය. අනිත් සියලු විධායක බලතල එහෙමම තියෙනව. ඒ හින්ද ජනාධිපතිතුමා කැබිනට්ටුව පත් කරන කොට මොලේ පාවිච්චි කරන්න ඕනේ. මම නම් යෝජනා කරන්නේ කලින් යූඑන්පී ඇමතිවරුන්ට ඒ ඇමතිකම්ම දෙන්න එපා කියල. මම හරයට දන්නේ නැහැ හැදෙන්න ජාතික ආණ්ඩුවක්ද කියලා. මට ඒ ගැන කතා කරන්නත් බැහැ. නමුත් කැබිනට්ටුව තමන්ගේ පාලනය යටතේ තියා ගන්න කොට තමන්ගේ ඇමතිවරු ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. අවුරුද ගානක් තිස්සේ කිව්වා වගේ 19 අනුව තනි බහුතරය නැතුව තනි ආණ්ඩුවක් පිහිටුවන්න කාටවත් බැහැ. 1 2 එකතු වෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
