කැබිනට් පත්‍රිකා සදහා නිවැරදි තොරතුරු ලබා නොදෙන නිළධාරීන්ට වැඩ වරදියි
සති දෙකකට වරක් රැස්වී කැබිනට් යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ප්රමුඛ කමිටුවටට පසුගියදා (22) උපදෙස් දුන්නේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලැබු කැබිනට් මණ්ඩල පත්‍රිකාවල වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවදීය. ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නිවැරැදි තොරතුරු හා සියළු පසුබිම් වාර්තා පදනම් කර ගනිමින් කැබිනට් පත්‍රිකා සැකසීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ රණතුංග මහතා පෙන්වා දුන්නේ, ඇතැම් සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් කරුණු නිසි ලෙස සොයා නොබලා තමන්ට වැරදි තොරතුරු වාර්තා කරන බවයි. තමන් නොමග යැවීම සම්බන්ධයෙන් එවැනි නිළධාරීන්ට විරුද්ධව ඉදිරියේදී විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේය.
මෙහිදී අදහස් දැක්වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා පැවසුවේ, අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ ප්‍රතිවිපාක පසුගිය කාලයේදී දක්නට ලැබුණු බවයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදු වූයේද එවැන්නක් බව පෙන්වා දුන් ලේකම්වරයා, කැබිනට් පත්‍රිකා නිසි ලෙස සකස් කිරීම සදහා තොරතුරු ලබා දීම අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල වගකීමක් බවද කීවේය. ප්‍රමාදයකින් තොරව කැබිනට් පත්‍රිකා සැකසීමට සාමූහික ක්‍රියාවලිය අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

