කැබිතිගොල්ලෑව සද්ධන්තයා මරුට
කැබිතිගොල්ලෑව ප්‍රදේශවාසින්ට හිසරදයක් වී සිටි සද්ධන්ත වන අලියා කැබිතිගොල්ලෑව වහල්කඩ ප්‍රදේශයේ සිට අල්ලා රැගෙන යාමට සූදානම් කර සිටිය දී ඊයේ (03දා) සවස මියගිය බව මැදවච්චිය වනජීවි නිලධාරීහු පවසති.
මෙම වන අලියා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ප්‍රදේශවාසින් කිහිපදෙනෙකුටම පහර දී ඇති අතර ඉන් ජීවිත කිහිපයක් ද අහිමි වූ බව ගම් වාසීහු පවසති. පසුව මෙම වන අලියා අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස සුදුකල දැඩි ඉල්ලීම මත මෙම වන අලියා මෙම ප්‍රදේශයෙන් අල්ලා ඉවත් කිරීමට මැදවච්චිය වනජීවි කාර්යාලය මගින් කටයුතු සිදුකර තිබේ. පසුගිය පළමුවෙනිදා මෙම අලියා පන්ඩුලගම වෛද්‍ය ඒකකයත් සමග එක්ව වන අලි අල්ලන කන්ඩායම මගින් කැබිතිගොල්ලෑව වහල්කඩ ප්‍රදේශයේ දී රැගෙන යාම සදහා අල්ලා ගැටගසා සිටි බව වනජීවි නිළධාරීහු පවසති.
අල්ලාගත් වන අලියා කිලෝමිටරයක් පමණ ඇතුලට වී සිටීම හේතුවෙන් වන අලියා රැගෙන යන ලොරි රථය වන අලියා වෙත ලාගාවීම පලමු දිනයේ දුෂ්කර වී ඇති අතර එම වන අලියා අල්ලාගන්නා විට ද මෙම වන අලියා ශරිර තත්වයෙන් දුර්වලව සිටි බව පන්ඩුලගම වෛද්‍ය ඒකකයේ චන්දන ජයසිංහ මහතා පැවසීය.
හෙතෙම තවදුරටත් පැවසුවේ, මෙම වන අලියාගේ ඇඟ පුරාම වෙඩි පහරවල් දක්නට තිබු අතර මුඛයේද විශාල තුවාල දක්නට ලැබුණා. තවද වන අලියෙක් විසින් පහරදීමක් සිදුකර තිබු අතර මෙම වන අලියාගේ ඇග පුරාම පනුදත් පාරවල් දක්නට ලැබුනා. අපි මෙම අලියා අල්ලා ගැනීම සදහා එන්නත් කල පසු කිලෝමිටර එකහමාරක් පමන දුර ගමන් කර බිම ඇද වැටී තිබුනේ ඉදිරි පාදය අලියාගේ පපුව ප්‍රදේශයට යට වෙමින්. වන අලියා මිය යාමට හේතුව දුර්වල වූ වන අලියාට වැටීමත් සමග විට හෘදයේ ඇතිවු ආබාධ තත්වයක් විමට ද පුලුවන් බව හෙතෙම වැඩිදුරටත් පැවසිය.
මියගිය වන අලියාගේ ඉදිරි කටයුතු මැදවච්චිය වනජීවි කාර්යාලය මගින් සිදුකරගෙන යනු ලබයි.
හබරණ මදුශාන්වික්රමසිරි

popular news
-
Piyal weerasinghe Friday, 04 November 2022 05:35 PM
ලෝකයේ වැඩිම අලි ඇතුන් සංහාරය වන රටක් .තව වසර kකීපයකින් අපිට හස්තීන් පරපුර අහිමි වෙයි .
Reply : 0 0
leel gunawardena Friday, 04 November 2022 07:45 PM
lankawe honda puhunuwak me niladarinta laba denawa nam mewa wenne naha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
