මීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත නෙළුව ප්රධාන මාර්ගයේ 2 කණුව ප්රදේශයේදී ඊයේ (17දා) සිදුවූ රිය අනතුරකින් 74 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව මීගහතැන්න පොලිසිය පවසයි.
පහලහෙවෙස්ස,ගල්බොරලුව,2 කණුව පදිංචි පතිරණගේ සෝමපාල නමැති 74 හැවිරිදි අයෙකු මෙසේ මියගොස් ඇත.
කැබ් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිකරු මෙසේ මියගොස් ඇත.එම යතුරුපැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත්කර ඇත.
කැබ් රථයේ රියදුරු වන වැල්ලපනාත ,තණබිම පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු මීගහතැන්න පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මතුගම බන්දු තඹවිට
