මහියංගනය, ගිරා ඳුරු කෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්ර දේශයේදි වෙනත් වාහනයක් ඉස්සර කිරිමට ගි කැබ් රථයක් ඊට විරුද්ධ දිශාවෙන් පැමිණි ට්රැක්ටරයක ගැටී අනතුරුක් සිදුව තිබේ. ඊයේ රාත්රී සිදුවූ මෙම අනතුරින් කැබ් රථ රියදුරු හා ඒහි පසුපස ගමන් ගත් පුද්ගලයන් 07 දෙනෙකු මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම තුවාලකරුවන් අතරින් අවුරුදු 57ක් වන පිරිමි පුද්ගලයෙක් හා අවුරුදු 44ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් මහියංගනය පදිංචි අඹුසැමි යුවළක් වෙයි.