මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භුගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පුරා මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබු කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (31) දින සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසිය.
එම උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජල විදුලි බලාගාරයට උමං මාර්ගය ඔස්සේ ජලය රැගෙන යාම නතර කර මවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව පුරා මාස තුනක් තිස්සේ විවෘත කර තිබුණි.
(31) දින සිට එම සොරොව්ව යළිත් වසා දමා ඇති අතර, නඩත්තු කටයුතු අවසන් කළ කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයෙන් ජලය ලබාගෙන කැනියොන් ජල විදුලි බලාගාරයේ මෙගාවොට් 60 විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බව කැනියොන් ජල විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසිය.