කැනඩා රැකියා පෙන්වා කෝටි 6ක් වංචාකළ කත කොටුවෙයි
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 6ට අධික මුදලක් වංචාකල කාන්තාවක් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2024.01.24 දින අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ මාලු වෙළඳාමේ නිරතවන පුද්ගලයෙකු විසින් කැනඩාවේ රැකියාවක් ලබාගැනීම සඳහා වත්තල, කුඩා ඒදණ්ඩ පාර ප්රදේශයේ පදිංචි කාන්තාවකට රු.6,210,000.00 ක මුදලක් ලබාදී ඇති අතර, මෙම කාන්තාව විසින් වරින් වර කොටස් වශයෙන් මෙම මුදල් ලබාගෙන තිබේ. මුදල් ලබාදීමෙන් අනතුරුව රැකියාව ලබාදීමට නොහැකි බව මෙම කාන්තාව පැවසූ හෙයින් මුදල් ලබාදුන් පුද්ගලයා කාර්යාංශය වෙත පැමිණිලි කරන ලදී.
මෙම වංචාවට හසුවූ පුද්ගලයා විසින් ලබාදුන් තොරතුරු අනුව විමර්ශන නිළධාරීන් 37 හැවිරිදි අවිවාහක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට මැයට විරුද්ධව පැමිණිලි 16ක් කාර්යාංශය වෙත ලැබී තිබෙන අතර, එම පැමිණිලි අනුව ඇය විසින් වංචා කර ඇති මුදල් ප්රමාණය රුපියල් කෝටි 6ට අධික වේ. මෙම කාන්තාව විසින් දිවයිනේ විවිධ ප්රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මෙසේ මුදල් වංචාකර ඇති අතර, බැංකු නිළධාරීන්, නීතීඥයින් ඇතුළු උසස් වෘත්තීන්වල නියැලෙන පුද්ගලයින්ද මෙම වංචාවට හසුවී තිබීම විශේෂත්වයකි.
කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව කැනඩා රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දින (2024.01.25) වැලිසර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

