මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් සහ මෙරට ප්රංශ තානාපති එරික් ලවෙර්තු මහත්වරුන් අද (03දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වූහ.
ඒ සිය සේවා කාලය අවසන් කර තම රට බලා පිටත්ව යන බවට ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දීම වෙනුවෙනි. එහිදී ඔවුන් ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත වූහ.
ඩේවිඩ් මකිනන් මහතා 2017 ඔක්තෝම්බර් මස සිටත් එරික් ලවෙර්තු මහතා 2018 නොවැම්බර් මස සිටත් එම තනතුරුවල කටයුතු කළේය.

