කොවිඩ් වසංගත සමයේ , එනම් 2020 මාර්තු මාසයේ සිට තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා තිබූ කැතේ ෆැසිපික් ගුවන් සේවාව , යළිත් තම ගුවන් ගමන් මෙහෙයුම් 02/01 දින සිට සක්‍රීය කරමින් මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඒ අනුව සතියේ සෑම අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල හොංකොං සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් සේවා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ මෙතැන් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය .
කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානය 02/01 දින මධ්‍යම රාත්‍රී 11.35 ට ගුවන් මගීන් 253 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
කැතේ ෆැසිපික් ගුවන් සේවය මෙම ගමන සදහා එයාර් බස් 330 - 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
කැතේ ෆැසිපික් ගුවන් සේවා හොංකොං සිට ලොව පුරා රටවල් 80 ක ගමනාන්ත කරා සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිති .