කැකිරාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අද (07) පිපිරිමක් සිදුව ඇතැයි කැකිරාව පොලීසිය සඳහන් කරයි.
ප්රාදේශීය ලේකම්වරයාගේ නිළ කාමරයේ වැසිකිලියක් තුළ මෙම පිපිරීම සිදුව ඇතැයි පොලීසිය පවසයි.
පිපිරීම සිදුවන අවස්ථාවේ ප්රාදේශීය ලේකම්වරයාද සිය නිළ කාමරය තුළ සිට ඇති අතර, පිපිරීමෙන් ප්රාදේශීය ලේකම්වරයාට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානි සිදුව නැතැයි වාර්ථා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.