කාසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරනු ලබන බව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාවක් මෙම රෝහලේදී සිදු නොවන බව රෝහල් අධ්යක්ෂවරයා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින බවද ඒ සඳහා යම් විමර්ශනයක් කිරීමට අවශ්‍ය නම් එකී විමර්ශනයක් සදහා පූර්ණ විවෘතභාවයක් පවතින බවද මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි