මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල කඩින් කඩ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහල බැස තිබු කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 15 කින් ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , පැවති වර්ෂාවත් සමග එම ජලාශයේ ජල මට්ටම අඩි 122 දක්වා ඉහල ගොස් ඇත.
ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටම ඒමට තවත් අඩි 33 ක් ඇති බව ඉංජිනේරුවන් පැවසිය.
