මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම (02) දින වන විට 78.2% දක්වා ඉහලගොස් ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසිය.
කාසල්රි ජලාශයේ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , මේ වන විට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 26 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග පසුගිය දිනවල පැවති වියළි කාලගුණය හේතුවෙන් මතු වි තිබු ජලාශයේ දුපත් රැසක් මේ වන විට ජලයෙන් යට වෙමින් පවති.
කාසල්රි ජලාශයෙන් ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල ජල විදුලිය උත්පාදනය සිදු කරන අතර , විදුලි උත්පාදනයෙන් පසුව එම ජලාශයේ සහ මවුස්සාකැලේ ජලාශයේ ජලය කැළණි ගගට මුදා හරිනු ලබයි.
