මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජලාශයේ ජල ධාරිතාව අඩි 155 වන අතර අද (21දා) දින අලුයම 6 වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 18 කින් පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩි 157 වන අතර අද(21දා) දින අලුයම වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 34 කින් පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේය.
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩු විමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යට වු නටබුන් රැසක් මේ දිනවල යලි මතු වෙමින් පවති.